Total Pageviews

Powered By Blogger

Search This Blog

Tuesday, August 2, 2011

රජ ගිරවෙක්......


එක්තරා කාලෙක එක්තරා රජ කෙනෙක් හුරතෙලේට ගිරවෙක් හැදුවා.මේ ගිරවා එසේ මෙසේ ගිරවෙක් නොවෙයි.හොඳට කතාකරන්න පුළුවන් වගේම අහන ඕනෑම ප්‍රශ්ණයකට රජ්ජුරුවන්ට ඕනෑ උත්තරය දෙන්න පුරුදු කරල තිබුනා.රජ්ජුරුවො යන හැම තැනම මේ ගිරවා අරගෙන යනවා.හැම රැස්වීමකටමත් මේ ගිරව රජ්තුමා අරගෙන යනවා.ඇමති රැස්වීමට පවා මේ ගිරවා අරගෙන එනවා.හරියට ඌත් ඇමති කෙනෙක් වගේ රජතුමාගේ ප්‍රශ්ණවලට උත්තර දෙනවා.
හැම තැනකදීම ගිරවාගේ උත්තර රජ්තුමා ප්‍රශංසා කරණවා.වැඩි දවසක් යන්න මත්තෙන් හැමෝටම තේරුණු දෙයක් තිබුණා.ඒ හරි උත්තරය ගිරවාගෙ උත්තරය කියල .රජතුමාට අවශ්‍ය ඒ උත්තරය කියලත් හැමෝම තේරුම් ගත්තා.කවුරුත් දැන් ගිරවාගෙ උත්තරයට අනුවයි උත්තර දෙන්නෙ.රජතුමාට හරි ලේසියි.එයාට අවශ්‍ය දේ ඒ විදිහටම වෙනවා.
රජතුමා මෙහෙම දිගටම පාලනය කරගෙන යනවා පමනක් නොවෙයි එයාට අවශ්‍ය සියළුම දේ ගිරවා හරහා කරගන්නවා.ගිරවාත් අකුරටම වැඩේ කරනවා.රජතුමායි ගිරවායි දෙන්නාම හරිම සතුටින් කාලය ගෙවනව.
කාලයක් යද්දී ගිරවාට මේක ඇති වෙනවා.ගිරවා කල්පනා කරණවා රජතුමාට අවශ්‍ය උත්තරය නොවෙයි හරි උත්තරය දෙන්න ඕනෑ කියල.එහෙම හිතල එක රැස්වීමකදී ගිරවා උත්තර දෙනවා.රජතුමාට හොඳටම කේන්තියි.සේරම ගිරවා අනුගමනය කරණ නිසා සේරම එකම පැත්තක. රජතුමාට කරගන්න දෙයක් නැහැ.
රජතුමා හිතනවා, ගිරවාව කවුරු හරි තමාගෙ විරුද්ද කරුවෙක් නොමග යවල කියල.කොච්චර කීවත් ගිරවා අහන්නෙත් නැහැ.රැස්වීම්වලට එන එක නතර කරගන්නත් බැහැ.ප්‍රශ්ණය විසඳා ගන්නම බැහැ.අන්තිමට රජතුමා කල්පනා කලා ගිරවා මරළ දමන්න.එතකොට ගිරවා නැති නිසා ප්‍රශ්ණය විසදෙයි කියල හිතුව.පසුවදා උදේ ගිරවාගේ මළකඳ මාලිගාව ඉදිරිපිට තිබුණා.
රජතුමා කිසි දෙයක් නොදන්නා විදිහට බොහෝ සෙයින් ශෝඛ වෙලා විශේස ගරු සරු ඇතුව ගිරවා භුමිදාන කලා.රජතුමා හිතුවා එතනින් ප්‍රශ්ණය ඉවරයි කියල.
පසුවදා උදේ තිබුණු රැස්වීමට රජතුමා ගියේ සියළු ප්‍රශ්ණ ඉවරයි කියල හිතාගෙන ඉතාම සතුටින්.ඒත් රැස්වීම පටන් ගන්නකොටම කොහේන්ද ගිරව් රෑණක්ම එතනට කඩාගෙන වැදිල රජ්ජුරුවන්ගෙ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පටන් ගත්තා.එක ගිරවාගෙ ප්‍රශ්ණය නැති කරණ්න ගිහින් මට වෙච්ච දේ කියල තනියම කල්පනා කරමින් රජතුමා රැස්වීම ඉක්මනට හමාර කලා.
රජතුමාට බේරෙන්නම විදිහක් නැහැ.යන යන හැම තැනකම මේ ගිරා රෑණම එනවා.ටික ටික දවස් යන්න යන්න ගිරා රෑණ් තව තව වැඩි වෙන්නත් පටන් ගත්තා.මෙක නම් මරළ ඉවර කරණන බැරි බව තෙරුනා.
අර ගිරවා මැරෙන්න කලින් මේ ගිරා රෑණ් හදල ඇති බව පස්සෙ තේරුනා.නමුත් එතකොට ප්‍රමාදයි.
මරල ප්‍රශ්ණ් විසඳන්න යන යැම රජ කෙනෙකුටම මේක හොඳ පාඩමකි.

No comments:

Post a Comment