Total Pageviews

Powered By Blogger

Search This Blog

Monday, June 24, 2019

අපේ රටටත් 'අම්ලෝ' කෙනෙක් සොයමු.




පාලකයෙකු සතු මුලික සුදුසුකම  ප්ලේටෝ වරක් ප්‍රකාශකලේය. ප්‍රඥාවයි.දාර්ශනිකයින් පාලකයින් වනතුරු හෝ සිටින පාලකයින්ට සත්‍ය ඥානය අවබෝධවනතුරුත් එසේත් නැත්නම් දේශපාලනය සහ දර්ශනය එක්වනතුරුත්  හොඳ පාලන තන්ත්‍රයක් මිහිපිට බිහිනොවන බව ඔහු ප්‍රකාශකර ඇත.
බුද්ධ දර්මයට අනුවද පාලකයෙකු හෝ රජෙකු සතු පාලන ක්‍රම බුදුන් වහන්සේ සූත්‍රපිටකයේ ඉතා පැහැදිලිව විග්‍රහ කර තිබේ.චක්කවත්ති සීහනාද සූත්‍රය සහ කූටදත්ත සූත්‍රය මෙයට හොඳම නිඳසුන්ය.
එමෙන්ම මේ රට දශරාජ ධර්මයෙන් රජකම් කල යුගයන් ගැනද අපේ ජාතක කථාවල සඳහන් වෙයි.එදා දශරාජ ධර්ම නමින් හඳුන්වනු ලැබුවේ එක්තරා ව්‍යවස්ථානුකූල නීතිමාලාවක් අනුව රට පාලනය කිරීමටයි.එම දශරාජ ධර්මය මෙසේය.
1) දාන  (මෙමගින්  දුප්පත් ජනතාව වෙනුවෙන් සුභසාධක ක්‍රමයක් ක්‍රියාත්මක විය.)
2) සීල. (පස්පව්වලින් වැලකී රාජකීය ජීවිතයක් ගතකිරීමය.)
3)  පරිච්චාග  (රටවැසියාගේ යහපතට පරිත්‍යාගසීලීව කටයුතු කිරීමය.)
4)  අජ්ජව   (ඍජුව සහ අවංකවක්‍රියා කිරීමයි.)
5) මද්දව. (මෘදු සහ කරුණාවෙන් රටවැසියාට සැලකීම.)
6)  තප  (කෙලෙස් හැඟීමෙන් තොර සුඛෝපභෝගී නොවන ජීවිතයක් ගතකිරීම.)
7)  අක්කෝධ  (නොකිපීම මගින්  සතුරන් සහ විරුද්දකරුවන් රටතුල ඇතිකර නොගැනීම.)
8)  අවිහිංසා.  (අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම.එමෙන්ම  සියළු සත්ව ප්‍රජාවට ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම.)
9)  ඛන්ති  (ඉවසීම.)
10) අවිරෝධතා.  (හැකිතරම් මහජන මතයට එකඟව ක්‍රියා කිරීම සහ  ඊට විරුද්ධ නොවීම.)
මෙසේ දශරාජ ධර්මයෙන් රජ කල බොහෝ අපේ රජවරු තාපස ගතිඟුනයෙන්  යුක්ත පිරිසක් වූ බව පෙනෙයි.නමුත් අද එයින් එක ගුනයක් හෝ ඇති පාලකයෙක් මිහිපිට හෝ මේ දිවයිනේ කවදා පහලවේදැයි සැකයක් තිබේ.නමුත් අද වඩාත් එවැන්නෙකුගේ අවශ්‍යතාවය ඇතිවී තිබේ.අප කවුරුත් ගැන වඩාත් අවධානය යොමු කලයුතුය.මෝඩ පාලකයින් සිටිය සෑම යුගවලම  තත්ත්වය මෙසේය. නිසා මේ ගැන තවත් දුක් විය යුතු නැත.අපි  ප්‍රඥාව  ඇත්තෙකු පත්කරගැනීමට ක්‍රියා කරමු.මෙවැනි ගතිගුන ඇති පාලකයින්  නැතිවීමට හේතුවක් නැත.එවැන්නන් මෙහි සිටිය යුතුය. එසේත් නැත්නම් බිහිවිය යුතුය.කාලයත් සමග  එවැන්නෙක් ඉදිරියට එයි.නමුත් එවැන්නෙකුගේ සෙවනැල්ලක්වත් අද අපට පෙනෙන්නට නැත.අපි අවධානයෙන් සිටිමු.
ප්‍රඥාව හෝ දර්ශනය කලඳක් හෝ ඇති පාලකයෙකු මෑත යුගයේ අපේ රටේ සිටියේ නැත.එසේ කෙනෙක් සිටියානම් මීට වඩා දෙයක් රටට  වෙන්න තිබුනි.රට ඒන්න එන්නම ගියේ ප්‍රපාතයටය.මොවුන්ගේ ප්‍රඥාව තිබුනේ මොනවාට දැයි කාටත් අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැත.දැන් අත්හදා බැලීම් කලා හොඳටම ඇති.පාට,පක්ෂ  සහ මිනිස්සු සම්පුර්ණයෙන්ම  අමතක කරල, ප්‍රඥාව සහ දර්ශනය මත ක්‍රියා කරමු.එහෙම කෙනෙක් හොයමු.
මෙම තත්තවය වඩාත් උග්‍රවූයේ පාස්කු ඉරිදා, එනම් මේ වසරේ අප්‍රෙයල් 21 වැනිදා සිදුවූ  මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරත් සමඟය.මෙම  ප්‍රහාරයෙන් පසුව රටේ නායකයින්ගේ, පක්ෂ  විපක්ෂ දේශපාලඥයින්ගේ සහ  විශේෂයෙන් මේ රටේ ඇතැම්  විද්යුත් මාධ්‍යවල හැසිරීමේ යතාර්ථය හොඳටම පැහැදිලි විය.ඔවුන්  කිසිවෙක් රටගැන හෝ ජනතාව ගැන කිසිම හැඟීමකින් ක්‍රියා නොකරීම ඉතාම පැහැදිලිය.ඇත්තටම ලැජ්ජයි,පිලිකුල්සහගතයි.සත්‍ය එයයි. මා මෙසේ කියන්නේ ඔවුන්ගේ හැසිරීම් දෙස සති කීපයක් බලාගෙන සිටීමෙන් පසුවය. රටේ සහ ජනතාවගේ යහපතට කතාකල කිසිම පක්ෂ විපක්ෂ නායකයෙක් හෝ දේශපාලනඥයෙක් මගේ  මතකයට එන්නේම නැත.වරක් විජේදාස රාජපක්ෂ පැමිණ ප්‍රකාශකලේ තමා මීට වසර කීපයකට පෙර  මුස්ලිම් ත්‍රස්ත්වාදය ගැන සඳහන් කල බවත්  අවසථාවේදී තමාට බොහෝ අය තර්ජනය කල බවත්ය.එවිට එසේ කල අය ගැන ඇතිවන්නේ තරහකි.නමුත් දෙවනුව එයට විසදුම කුමක්දැයි ඇසූ සැනයකින් ඔහුගේ පිලිතුරවූයේ ගෝඨාභය ජනාදිපති කලයුතුය යන කතාවකි.මෙයින් ඔහුගේ දේශපාලනය හොඳටම පැහැදිලිය.එයින්ම ඔහුගේ සියළු කතා අවලංගුවෙයි.සියළුම දෙනාගෙ කතා ඊට සමානය.මල්ලෙන් එලියට බළලා පනින්නේ ඔවුන් දන්නේමත් නැතුවය.
විපක්ෂ නායකවරයාගේ වැඩ සහ කතා හෙට ආණ්ඩුවක් පිහිටුවන්නය.ඔහුට දේශපාලනඥයෙකුට තිබිය යුතු ප්‍රඥාවයි දර්ශනයයි තිබුනානම් ක්‍රියා කරන්නේ ඔයිට හාත්පසින්ම වෙනස්වය.එසේනම් ඊළඟට ආණ්ඬු පිහිටුවන්නේත් ඔහුමය.කවුරුත් ඔහුට ගරු කරනවාට  කිසිම සැකයක් නැත.ඔහුගේ මේ වැඩ වලට කවුරුත් දැන් කරන්නේ පිලිකුල්ය.ඔහුගේ වැඩ ගැන ඇතිවන්නේ ලැජ්ජාවාක් මිස, ඔහුගේ අවංකකමක් හෝ රට  ජනතාව ගැන  හැඟීමක් තිබෙන බවක් පේන්නේම නැත.සත්‍ය එයයි.
අපේ ඇතැම් විද්යුත් මාධ්‍ය ගැන ලැජ්ජයි.ඇතැම්  සම්මුඛ සාකච්චා ගැන කියන්න දෙයක් නැත.බබ්බු වගේ කියල විතරයි කියන්න තියෙන්නෙ.
පසුගිය වසරේ දෙසැම්බර් පළමුවැනිදා මැක්සිකෝවේ නව ජනාදිපතිවරයෙක් දිවුරුම් දුන්නේය.ඔහුගේ නම  ඇන්ඩ්‍රස් මැනුවල් ලොපෙෂ් ඔබ්‍රඩෝර්.නමුත් ඔහු කෙටියෙන් හැඳුන්වන්නේ 'අම්ලෝ' යනුවෙන්ය.මේ වනවිට ඔහු මැක්සිකෝවේ ජනප්‍රයම ජනාධිපතිවරයා වී හමාරය.එහි ජනතාවගෙන් සියයට 70 ට්ත් වඩා පිරිසක් අද ඔහු පිලිගන්නවායි කීවොත් කවුරුත් පුදුම වෙයි.නමුත්  සත්‍ය එයයි.වයස වසර 66ක් වු හෙතෙම ජයග්‍රහනය කලේ සියයට 53  ඉතා විශිෂ්ඨ ජන්ද සංඛ්‍යාවක් ලබාගනිමින්ය.මුලින්ම ඔහු මැක්සිකෝ නගරාධිපතිවරයා වශයෙන්ද කටයුතු කලේය.
මුල් දින 100  ඔහුට තීරණාත්මක කාලයක් වීය.ජනාධිපති හැටියට දියුරුම්දී සති දෙකකින් අය-වැයක්ද ඔහු ඉදිරිපත් කෙලේය. ඔහු මෙතෙක් ඉටුකල සියළුම දේවල්වලින් ජයගෙන තිබෙන්වායි කීවොත් එය නිවරදිය.ජනතා විශ්වාසය දිනාගෙන තිබේ. පොරොන්දු අයුරින්ම ඉටුකර තිබේ.
කලින් ජනාදිපතිවරයා පාවිච්චිකල සියලුම වාහන වෙන්දේසි කෙලේය. ගුවන්යානය පවා වෙන්දේසි කෙලේය.අදටත් ඔහු පාවිච්චි කරන්නේ පරන පොක්සවාගන් ජෙට්ටා වර්ගයේ කුඩා කාරයකි.ගුවන්යානාවල සාමාන්‍ය පංතියේ ආසන වෙන්කරවාගෙන යන මොහු වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම සිටින්නේ පොඩි මිනිහාත් සමගය.
අපේ නායකයෝ මෙන් එකක් පවසා තවත් එකක් කරන සිරිතක් ඔහුට තිබුනේ නැත.ඔහු කීවටත් වඩා දේවල් කෙලේය.රටේ ජනතාව කියන්නේ පසුගිය වසර 40 පසුව රටට යහපතක්  සිදුවී ඇති බවකි.
මාධ්‍ය නිදහස තහවුරු කර ඇත.එයට තර්ජනය තිබුනේ මත්ද්‍රව්‍ය වෙලෙන්දුන්ගෙන්ය.මාධ්‍යවේදීන් විශාල පිරිසක් මරාදමා ඇත.දුෂනය මත්ද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම රටෙන් අතුගා දැමීමට කටයුතු කරගෙන යයි. සියල්ල රටවැසි යෝ පිලිගනියි.මෙසේ බලනවිට අද අපිටත් අවශ්‍ය 'අම්ලෝ' කෙනෙකි.

No comments:

Post a Comment