Total Pageviews

Powered By Blogger

Search This Blog

Monday, June 24, 2019

"අයිස් ඔන්ලි නෝ සෝඩා"

"අයිස් ඔන්ලි නෝ සෝඩා"
ටේ ආරක්ෂාව පිළිබඳව රටේ නායකයා කටයුතු කර ඇති ආකාරය දැන් හොඳටම පැහැදිලිය.ආරක්ෂක මණ්ඩල රැස්මීම තබා ඇත්තේ ඉඳ හිට තමාට හිතුනු විටකදීය.එයට නිෂ්චිත දිනයක් හෝ වෙලාවක් තිබී නැත.ඊට පැමිණිය යුතු පිරිසක් නිළ වශයෙන් සිටියත් ඔවුන් ගෙන්වා ඇත්තේද සිය හිතවත්කම් මතය.මීට පොලිස්පතිවරයා අනවශ්‍ය බවත් අගමැතිවරයා ගෙන්වන්න එපායි කියන්න ඇත්තේ කිසියම් පෞද්ගලික හේතුවක් මත මිස වෙනත් වැදගත් කාරණයක් මත නොවන බව ඉතා පැහැදිලිය.රටක් ජාතියක් හැටියට නායකයෙකු මෙවැනි පටු තීරණ ගැනීම නිවරදිද? මෙයින් වඩාත් පැහැතිලි වන්නේ මොහුගේ උද්දච්චකම,මෝඩකම සහ නූගත්කම නොවේද?කෙටියෙන්ම කීවොත් මොහු මෙම තණතුරට සුදුසු නැත යන්න එයින් පැහැදිලිය.
මෙම කරුණු අනාවරනය වූයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාව එහි වැඩබලන සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේ පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා කරණ ලද අනාවරණයන් මතය.
මෙම කරුණුවලට අවධානයෙන් සවන්දීගෙන සිටි එහි සාමාජියෙක් වූ පීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මහතා එහිදී කියාසිටියේ, රටේ ආරක්ෂාව හොඳටම තිබිල තියනපාටයි යනුවෙනි.මෙම වැරදි තීරණවල කිසිම නිවරදි කිරීමක් තවමත් සිදුවූ බවක් පෙනෙන්නට නැත.තවමත් කරණ තරමක් කරන්නේ හිතුවක්කාර මෝඩ වැඩය.රටට හෝ ජනතාවට හෝ හෙන ගැහුවත් කමක්නැහැ යන අභිප්‍රායෙන් ඔහු කටයුතු කරනවායි යන අදහසක් ජන්තාවට ඇතිවුවොත් එහිද වරදක් නැත.
මෙම සාක්ෂිවලදී පැහැදිලිවන කරුණු රාශියක් තිබේ.ඒ සියල්ල ගැන කතා කිරීමට කාලය නොවෙයි.ඒ සේරම අපේ ජනතාවටද තේරෙණවාට කිසිම සැකයක් නැත.එම සියලුම සාක්ෂි රටේ සියලුම ජනතාව ඉතා අවධානයෙන් කියෙවුවොත් වඩාත් හොඳයි.මොකද, පසුගිය කාලය තුල මෙම නායකයා හැසිරිලා තිබෙන විදිහ එයින් හොඳටම පැහැදිලිය.එය වැදගත් කාරණයකි.
පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පහක් පවතිද්දී සහ ජනාධිපතිවරයා ලෙස තමන් ද ඉන් තුනක වගඋත්තරකාරැවකු කර තිබියදී ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා කරුණු විමසීම, සාක්ෂි කැඳවීම නීති විරෝධී බව නීතිපතිවරයා විසින් දැනුම්දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.
ඔහු එසේ සඳහන් කර ඇත්තේ අද පස්වරුවේ කැඳවා ද විශේෂ හදිසි කැබිනට් මණ්ඩල හමුව අමතමිනි.
නීතිපතිවරයා විසින් තමන්ට මේ බව දැනුම් දුන් පසු ඒ පිළිබඳව කතානායක වරයා දැනුවත් කළ බවත් නමුත් කතා නායකවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකර මෙම තේරීම් කාරක සභාව පවත්වාගෙන යන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
එනිසා මෙම නීති විරෝධී කටයුත්ත දිගටම පවත්වා ගෙන ගියහොත් තමන් මින් ඉදිරියට කිසිදු අවස්ථාවක රාජ්‍ය මට්ටමේ කටයුත්තකට සහභාගී නොවන බවත් කැබිනට් මණ්ඩලයද නැවත නොකැදවන බවත් ජනාධිපතිවරයා දැඩිව සඳහන් කර තිබේ.
නමුත් ජනාධිපතිවරයා ලෙස දෛනික රාජකාරී වල තමන් යෙදෙන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත.
රාජකාරියේ නියුතු ආරක්ෂක අංශවල නිලධාරීන් ගෙනවිත් මෙම සිදුකරන විහිළු සහගත ක්‍රියාපටිපාටිය වහා නැවැත්විය යුතු බවත් එමෙන්ම ඉදිරියේදී කිසිදු අවස්ථාවක මෙම තේරීම් කාරක සභාව හමුවට සේවයේ නිරත ආරක්ෂක අංශ නිලධාරීන් ඉදිරිපත් නොකරන බවත් ඔවුන් සියලු දෙනා පිළිබඳ වගකීම තමන් භාර ගන්නා බවත් ජනාධීපතිවරයා ප්‍රකාශ කර ඇත.
කාගේද වරද යන්න දැන් හොඳටම පැහැදිලිය.මෙම සියළු කරුණු අවධානයෙන් කියවන්න.රට තවත් බරපල තත්ත්වයකට පත්කරණ තත්ත්වයක් පෙනෙයි.මෙවැනි අවස්ථාවක ක්‍රියා කලයුත්තේ මෙසේද?මෙයින් වාසිය යන්නේ කාටද? හතුරා අතට නොවේද?රටේ නායකයාම හතුරාට සටන කරන්නට ආයුධ දෙන්වානම් කල යුත්තේ කුමක්ද?ජනතාව අවදි විය යුතුය.මෙසේ කටයුතු කරණ මොහු ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වෙන්න යයි.ජනතාවට හොඳ අවස්ථාවක් උදාවෙයි.
හදිසියේ වඩු මඩු තහනම් කරන්න යයි. මෙවැනි තත්ත්වයක් හදිසියේ උදාවුයේත් මෙතෙක් වෛරයෙන් ක්‍රියා කරමින්ම තීරණ ගත් ආකාරයටම ඔවුන් සමඟද ඇතිවූ වෛරයක් නිසා දැයි කෙනෙකුට ඇතිවුවොත් එයටද පුදුම වියයුතු නැත.දිගටම මොහු ක්‍රියා කර ඇත්තේත් ක්‍රියා කරන්නේත් එසේය. එය රටේ ජනතාවට දැන් පැහැදිලිය.
මේක හරියට බාලාංශ පංතියක ළමයි ටිකක් සෙල්ලම් ගෙවල් දමාගෙන කරණ සෙල්ලමක් වගෙයි.ඔවුන්ටත් පොලීසිය ඇතුලු සියලුම නායකයො ඉන්නව.ඒත් කිසිම නීතියක් රීතියක් නැහැ.කැමති කැමති විධියට තීරණ ගන්නව පොලිස්පතිත් අස්කරනව.එතනයි මෙතනයි දෙකේම ඇති වෙනසක් නැහැ.රටේ නායකයට මේක සෙල්ලම් ගෙයක් නොවෙයි කියල මතක් කරල දුන්නොත් හොඳයි.නොදන්න දේවල් කරන්න ගියහම ඔහොම තමයි.හරියට සරත් පොන්සේකා මහතා කීව, "අයිස් ඔන්ලි නෝ සෝඩා" කියල කීව කතාව වගේ දෙයකි.

No comments:

Post a Comment