Total Pageviews

Powered By Blogger

Search This Blog

Monday, June 24, 2019

දඬුකඳේ ගැසියයුතු නායකයෝ!!!!!


අපේ විගනකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසන්නේ අවුරුදු පහකින් මේ රට දියුණුකළ හැකි කතාවකි.එහෙත් අපේ නායකයෝ අවුරුදු හැත්තෑවක් තිස්සේ කර ඇත්තේ කුමක්ද?එහෙනම් ජනතාව කළ යුත්තේ කුමක්ද?දැන් එහි වගකීම ඇත්තේ ජනතාවටයි.
මේ රටේ ජනතාවට ඇතිවෙන්න කෑම ටික නිපදවාගන්න බැරි රටකි.පුරන්වූ කුඹුරු යායවල් පිටින් තිබේ.ඒවා පුරන්වී ඇත්තේ ඇයි? කාගේ වරදකින්ද?මේවා සොයා බලන කෙනෙක් නැත.ඒවාට පිලියමක් නැත.පුළුවන්නම් ඒවා ගොඩකර ගොඩනැගිලි හදයි.ඒවාත් හරි ක්‍රමයකට සිදුවෙනවානම් යහපති.නමුත් බොහෝවිට සිදුවන්නේ අර දේශපාලඥයින් අතිනි. නැත්නම් ඔවුන්ගේ හෙංචයියන් අතිනි.
මේ අතින් බලනවිට අවුරුදු හැත්තෑවක් තිස්සේ පෝෂණය වී ඇත්තේ කවුද?රටද ජනතාවද ඔවුන්ද? අතේ ශතයක් නොතිබූ පිරිස් දේශපාලනයටවිත් රටේ කොටිපතියන්වී ඇත.ඔවුන්ගේ පවුල්වල අයගේ තත්ත්වයද එසේමය.රටේ ජනතාව තවමත් වහලුන්ය.ඔවුන් බලයට පත්කර ඔවුන්ගේ පස්සෙන් හිඟමින් යන පිරිසක් බවට පත්වී තිබේ.රටකට වියයුත්තේ මෙයද?
හරියට සෞඛ්‍යයක් නැති රටකි.අධ්‍යාපනයද අවුල්ය. ගමනාගමනය එහෙම පිටින්ම ඛේදවාචකයකි.මේවාට විසඳුන් නැතුවාම නොවෙයි.අපේ නායකයින්ට ඒ පිළිබඳව කිසිම දර්ශනයක් නැතිවීමයි.බලයට පැමිණිදා පටන් ඔවුන් කල්පනා කරන්නේ නැවත බලයට පැමිණීම ගැනයි.ඉතා සංෂිප්තව කීවොත් අද රටේ තත්ත්වය එසේය.අවුරුදු හැත්තෑවක් තිස්සේ ඔවුන් රට ඇදගෙන ගොස් ඇත්තේ කනත්තටය.මේ ගැන කියන්නට ඇතිදේ බොහෝය.නමුත් එයින්ම මෙම පිටුව පුරවන්න මා බලාපොරොත්තු වන්නේ නැත.මේ ගැන ජනතාවට හොඳටම පැහැදිලි බව මම දනිමි.
මෙතරම් කලක් මේ රට දියුණු කරන්න බැරිවූ පිරිසක්, තවත් නැවත නැවත් බලයට පත්කල යුතුද?මෙම පිරිස එකම රොත්තක් හැටියට කුණු බක්කියට දැමිය යුතුය.මෙයට පක්ෂ භේදයක්,පාට භේදයක් හෝ වෙනත් කිසිම භේදයක් සැල්කිල්ලට ගතයුතු නොවෙයි.මගේ අදහසට අනුව ජනතා විමුක්ති පෙරමුණද ඇත්තේ එම බෝට්ටුවේය.ඔවුන්ද ඇමතිකම් කළ යුගයක් තිබුණි.නමුත් රටට හෝ ජනතාවට සිදුවූ යහපතක් නැත..ඇත්තටම මොවුන්ට මේ කාර්ය කරන්න බැරිබව නැවත නැවතත් ඔප්පු කර ඇත.ඉතින් නැවතත් ඔවුන් පත්කළ යුතුදැයි සිතා බලන්නට කාලයක් නැත.ඔවුන් ඉවත් කළ යුතුය.මේ ගැන ස්වාධීනව සිතන්නට බැරි විවිද මානසිකත්වයෙන් පෙලෙන වහල්භාවයෙන් අන්ධ වූ පිරිසකට මේ කිසිවක් නොපෙනෙන්නට පුළුවන.අප ඔවුන් ගැන අනුකම්පාකළ යුතුය.පසුගිය කාලයේ සියළුම දෙනා අතරින් රටට යහපතක් සිදුවුනානම් ඒ එක අතක ඇඟිලි ප්‍රමාණයටත් අඩු පිරිසකගෙනි.
ශ්‍රී ලංකාව යනු ඉතා කුඩා රටකි.ජනගහනය මිලියන 22කි.පවුල් වශයෙන් ගත්තොත් මිලියන 5කි.එය තවත් පැත්තකින් කීවොත් පවුල් ලක්ෂ 50කි.රට වර්ග සැතපුම් 25000කි.වර්ග කිලෝමීටර්වලින් ගත්තොත් ඒම ප්‍රමානය 65000කි.ඇත්තටම මෙය කොතරම් කුඩා රටක්දැයි ලෝකයේ වෙනත් රටවල් සමඟ මෙම විස්තර සසඳමින් බලද්දී ඉතා පැහැදිලිව පෙනීයනු ඇත.එහෙත් මෙම කුඩා රට පාලනය කරන්න කොතරම් දේශපාලකයින් ප්‍රමානයක් සිටීදැයි සිතුවොත් කවුරුත් පුදුමවනු ඇත.විශාල ජන සංඛ්‍යාවක් සිටින විශාල ප්‍රදේශයක් ඉතා කුඩා පිරිසකින් පාලනය කරද්දී අපේ රටේ කුඩා පිරිසක් සහ කුඩා ප්‍රදේශයක් ඉතා විශාල පිරිසක් පාලනය කරති.වෙනස අපි තවමත් එතනමය.කුඩා පිරිසක් පාලනය කරණ රටවල් ඉතා වේගයෙන් ඉදිරියට යෑමයි.
අපේ රටේ මන්ත්‍රීවරු 225කි.පලාත් සභා මන්ත්‍රීවරු 437 කි.ප්‍රාදේශීය මන්ත්‍රීවරු 8436 කි. එකතුව ගත්තොත් 9098 කි.ඇමතිවරුන් ගණන හරියටම කියන්න බැරිතරම්ය.ඒක දවසගානෙම වෙනස්වෙයි.දල වශයෙන් ගත්තොත් ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරුද සිය ගනනක් වෙන්න පුළුවනි.පසුගිය කාලවල එයිටත් වඩා සිටිය යුග පවා තිබුණි.මෙම දේශපාලන අධිකාර කීපයම කිනම් ආකාරයකින් ක්‍රියා කරනවා දැයි දන්නේ කවුදැයි අපි නොදනමු.මේ සියල්ලම ඒ තරමටම ව්‍යාකූලය.පැහැදිලිව පේන්න තිබෙන දසුන වන්නේ හැමතැනම ගහගන්නා බවක් පමණි. එහිනම් කිසිම අඩුවක් නැති බවක් පෙනෙයි. රටට හෝ ජ්නතාවට විශේෂ යමක් ඔවුන්ගෙන් සිදුවූ බවක් නම් පැහැදිලි නැත.අප මෙහිදී එසේ ප්‍රකාශ කෙලේ එවැනි යුග පුරුෂයින් මේ රටේ සිටිය හෙයිණි. ගාමණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි සහ ආර්. ප්‍රේමදාස යන මහත්වරු එවැන්නන් ලෙස සඳහන් කල හැකිය.ලංකාව වෙනස්කල මහවැලියත්, විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යත්ත මුදලත්,අළුත් නිවාස ක්‍රමයකුත් අපේ රටට ඇතිවුනේ ඔවුන්ගේ දර්ශනය නිසාය.
තවත් පැත්තකින් යුද්දය නතරකල නායකයා වශයෙන් හදුන්වන්නේ මහින්ද රාජපක්ෂය.එහෙත් එතුමා අතින් සිදුවූ අනෙක් සිදුවීම් සමඟ එම ගෞරවය ඔහුගෙන් ගිලිහී යනවා පමණක් නොව ජනතාව ඔහු පරාජය කෙලේද ඒ නිසාය.
දැන් අපි බළමු ලෝකයේ අනෙක් රටවල් පැත්ත. ජපානයේ තෝකියෝ නගරයේ ජනගහනය මිලියන 38 කි.එහිම ඔසාකා නගරයේ ජනගහනය මිලියන 20 කි.ඉන්දියාවේ දිල්ලි නගරයේ ජනගහනය මිලියන 25 කි.එහිම මුම්බායි නගරයේ ජනගහනය මිලියන 21 කි. චීනයේ සැංහෑයි නගරයේ ජනගහනය මිලියන 23 කි.එහිම බීජිං නගරයේ ජනගහනය මිලියන 20 කි.මෙවැනිම තවත් නගර රාශියක් තිබේ.ඒ සියල්ලෙන් මෙම පිටුව පුරවන්න මා අදහස් කරන්නේ නැත. මෙහි සඳහන් කෙලේ නගරයන් පිළිබඳවයි. නමුත් අපේ රට මෙම නහරවලට වඩා කුඩා බව කිව යුතුය.ඇතැම් විට මෙම බොහෝ නගර පාලනය කරන්නේ නගරාධිපතිගේ මූලිකත්වයේන් නගර සභාවයි. නමුත් කොහොමද අපේ රට.එහෙම බලද්දී අපිට ඉන්න දේශපාලනඥයින්ගේ ප්‍රමානය අනුව සුරපුරක් වෙලා තිබිය යුතුයි. නමුත් තත්ත්වය කොහොමද?
මනදපෝෂනයෙන් ළමයි මැරෙණව. ඇතැම් පලාත්වලට යන්න තවම පාරක් නැහැ. කන්න හරියට දෙයක් නැති පළාත් සහ මිනිස්සු ප්‍රමාණය අති මහත්ය.වරක් ප්‍රකාශ කරල තිබුණ රටෙන් විශාල ප්‍රමානයකගේ දවසේ ආදායම ඩොලරයකටත් අඩුයි කියල.ඒ කියන්නේ රුපියල් දෙසීයකටත් අඩුයි.එම පවුල්වල තත්ත්වය අපිට හිතාගන්න පුළුවණි.
පාස්කු සිකුරාදා සිද්දියෙන් පසුව බොහෝ දෙනා ඉතාම පැහැදිලිව අඳුරාගන්න පුළුවන් වී තිබේ.රටේ ආරක්ෂාව පිළිබඳව රටේ නායකයා ක්‍රියා කරතිබෙන ආකාරය ඉතා පැහැදිලිය."රටේ ආරක්ෂාව හොඳට තිබිල තියන පාටයි "යනුවෙන්, එහිදී සරත් පොන්සේකා මහතා පැවසුවේ ඒ නිසාය.ආරක්ෂක මණඩලය කැඳවා ඇති ආකාරයෙන් සහ එයට සාමාජිකයින් කැඳවා ඇති ආකාරයෙන් නායකයින්ගේ ආකල්ප ඉතා පැහැදිලිය.ඔවුන් බලා ඇත්තේ රට ජාතියද? එසේත් නැත්නම්, පැහැදිලිව ප්‍රදර්ශනය කර ඇත්තේ තමන්ගේ උද්දච්චකමත්,මෝඩකමත් සහ නූගත්කමත් නොවෙයිද? එසේනම් මෙවැනි නායකයින්ගෙන් රටකට වෙන සෙතක් තියෙයිද?ව්‍යවස්ථාවටත් රටටත් විරුද්දව ක්‍රියා කරණ මෙවැනි නායකයින්ගෙන් ඉදිරියටත් සෙතක් වෙයිද?වඩුමඩු තහනම් කරන්න නායකයො අවශ්‍යද?මොහු මේ යුගයේ රටට පහලවු අදූරිදර්ශම නායකයා ලෙස ඉතිහාස ගතවුනොත් ඒ ගැනද පුදුම විය යුතු නැත.
අපේ විපක්ෂය ඇත්තේද අඳ බොළඳ තත්ත්වයේය.එය හොඳටම පැහැදිලිවන්නේ එහි නායකයිගේ කතා වලින්ය.සියළුම දෙනාගේ මානසික තත්ත්වයද හොඳටම තේරුම් ගත හැක්කේ එමගින්ය.මොවුන්ගෙන්ද රටට සිදුවු සෙතක් නැතුවා සේම ඉදිරියේ තත්තවයද ඉතාම පැහැදිලිය.ඔවුන්ද ඔවුන්ගේ යහපතට මෙතෙක් ක්‍රියාකලා මෙන්ම ඉදිරියටද ඊට පාර කපන පිරිසක් බව පෙනෙයි.ඉතින් කල යුත්තේ මල්ල පිටින්ම ගෙන ඔවුන් කුණු කූඩයට දැමීම නොවෙයිද?මෙහි ජනතාවට නැවත හිතන්න දෙයක් නැත.
දැන් අළුතෙන්ම ජනාධිපති වෙන්නට හඳන පිරිසක්ද සිටියි.ඔවුන් ගැනද විශේෂයෙන් අවධානය යොමුකළ යුතුය.මොවුන් අතර සිටින ඇතැමුන්ට ඒ සඳහා කිසිම සුඳුසුකමක් නැති බව නම් ඉතාම පැහැදිලිය.ඒ ගැන වඩාත් පැහැදිලිකිරීම් වලට යන්නේ නැත.ජනතාව එය තෙරුම් ගනීවීයයි මගේ විෂ්වාසයයි.මෙහි වඩාත් කැපී පෙනෙන චරිතය වන්නේ නාගානන්ද කොඩිතුවක්කු මහතායි.ඒ නිසාම මොහු ගැන යමක් කතාකිරීම වටියි.මොහු මොකද කියන්නෙ.ඒවායේ වටිනා කමක් තියනවාද?
මොහු ගැන කතා කලොත් ඔහු දක්ෂ නීතීඥයෙක් වෙන්න පුළුවන.එමෙන්ම දක්ෂ මෙන්ම අවංක රේගු නිළධාරියෙක් වියයුතුයි.එහෙත් දක්ෂ දේශපාලනඥයෙක් දැයි සැකයක් තිබේ.දේශපාලන සෙල්ලම ටිකක් අමාරු සෙල්ලමකි.ඒක නොදැන කරන්න අමාරු මෙන්ම අමාරුවේ වැටෙන භයානක සෙල්ලමකි.මා මෙසේ කියන්නේ ඇයි?
මොහුගේ ඉතා හොඳ යෝජනා රැසක් තිබේ.එහෙත් දේශපාලන වශයෙන් ස්ථාවර නූනොත් ඒ කිසිවක් කරන්න ලැබෙන්නේ නැත.ඔහුගේ ඇතැම් යෝජනාවලින් පෙනෙන්නේ එම ස්ථාවරත්වය ඔහු විසින්ම නැති කරගෙන තිබෙන බවකි.ඒ විධායක ජනාදිපතිකම අහෝසි කිරීමෙණි.බැලුබැල්මට එය හොඳ යෝජනාවකි.එහෙත් එහි අවශ්‍යතාවය තිබුනේ කාටද?රට හෝ ජනතාව ඒ ගැන ප්‍රකාශකර තිබෙනවාද? නැත.මෙම මතය ඇතිකලේ සියයට පහක ජන්ද බලයක් ඇති ජනතා විමුක්ති පෙරමුණයි.ඔවුන් දැන ගත්තා මෙමගින් රටේ ස්ථාවරයක් පවතින බව සහ එම බලය තිබෙන තුරා රට අස්ථාවර කල නොහැකි බව.ඔවුන්ගේ එම මතයට එවැනිම සුළු පිරිස් තවත් එකතු විය.සියයට හතලිහක පමණ බලයක් ඇති එක්සත් ජාතික පක්ෂයට එම මතය බිඳින්න බැරි විය.ඒ ඇයි?ඔවුන් ඒ විස්වාශය දිනාගත්තේ නැහැ.පස්සෙ ඔවුන්ද එම මතයට එකතු විය.මෙයින් පැහැදිලි වන්නේ එම පක්ෂයේ ඇති දුර්වලකමයි.එමෙන්ම නායකත්වයේ ඇති දුර්වලකමයි.ඒක ඉතාම පැහැදිලියි.මෙවැනි රටක් දියුණු කරන්න නම් මුලින්ම කළ යුත්තේ රටේ ස්ථාවරත්වය ඇතිකර ගැනීමයි.ලෝකයේ දියුණුවූ සියළු රටවල් මුලින්ම කෙලේ ඔයටිකයි.රටේ ස්ථාවරත්වය ගොඩනගා ගැනීමයි.නමුත් අප තිබෙන ස්ථාවරත්වය නැති කරගෙන මෙම ගමන යන්න හැඳීම ඉතා භයානක තත්ත්වයකි.ඇත්තටම කිසිවක් කරන්න නොලැබෙන්න පුළුවන.මෙය දැඩි අවධානයට යොමු විය යුත්තකි.විධායක ජනාදිපතිකම අහෝසි කරනවායි කියාගෙන බලයට පැමිණි සියළුම දෙනා පසුව එසේ නොකලේ ඔවුන්ගේ ස්ථාවරත්වය නැතිවන බව ඔවුන්ට වැටහුණු හෙයිණි.
මන්ත්‍රී සංඛ්‍යාව අඩුකිරීම, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා අහෝසි කිරීම හොඳය.එහේත් ප්‍රාදේශීය සභා වෙනුවට ගම පාලනය කිරීමට යහපත් ක්‍රමයක් තිබියයුතුය.එමෙන්ම රට ගොඩගැනීමට යහපත් ක්‍රමයක් තිබියයුතුය.මේ සියල්ල ගොඩනැගිය හැක්කේ රට ස්ථාවර වුවොත් පමණි.මුලින්ම ඒ ටික කර ගත යුතුය.
දිනකට රජයේ ගිණුමට බිලියන හතරක් වැටෙන බව පවසයි.එසේනම් රජයේ සියළු වියදම් ඊට අඩුවෙන් තිබිය යුතුය.නමුත් එවැනි සීමාවකට අපේ නායකයෝ සූදානම් බවක් කොහෙත්ම පෙනෙන්නට නැත.කිසිම සීමාවක් නොමැතිව ඔවුන් වියදම් කරන්නේ කිසිම භයක් සැකයක් නොමැතිවය.හැසිරීමෙන් රටට ආදරය ඇති බවක් පෙනෙන්නේම නැත.එහෙයින් අළුතෙන් එන නායකයෙකු වියදම් කපා හැරියොත් රටට ලොකු සහනයක් ලැබෙන්නට පුළුවණ.

No comments:

Post a Comment